සමත්වෙලා ප්‍රතිඵලවිත්
ගෙදර ඇවිත් කිව්වට පසු
තාත්ත මා කරේ තියන්
ගේ වටෙ රවුමක් ඇවිද්ද
මිලාගිරිය මව් තුරැලෙහි
යම් පමණින් ඉඩක් ලැබුනි
මිතුරිය දීපානි සමග
ඇය අද ඇත ලෝතලයෙහි
මිනිසුන් හට පෙනුම දෙන්න
අක්ෂි ශල්‍ය වෛද්‍ය ලෙස
ඵක් දිනයක මුහුදු රළට
විශාල තල්මසෙක් ඇවිත්
ආරංචියි හැම තැනකම
යාලුවො ටික දෙනෙක් සමග
පාසල් බස් රථයෙන් බැස
ගියා මාත් ඵය බලන්න
අද වනවිට මගෙ මතකය
යෝධ ගලක් පමණකි ඵය
ගෙදර යන්න ප්‍රමාද වී
ගෙදර අයත් කලබල වී
අම්මා ඇතුළු ගෙදර සැවොම
කඳුළු සලයි මම යනවිට
අඬන්නෙ ඇයි මේ අහන්න
ජීවිතයෙම කවදාවත්
තල්මසෙක් ව දැක තිබේ ද?
මෙතන ඉන්න ඔබ කවුරුත්
මෙන්න මෙහෙම ඌගේ හැටි
විස්තර විය හොඳ හැටියට
නාට්‍යයක විලාසයෙන්
රඟ දැක්විණි අපූරුවට
කඳුළු මතින් සිනා සිසී
අම්මා දුන් ඔවදන මට
ආයෙත් නම් කිසිම දිනක
අවසර නැති ගමනක් නම්
එපා යන්න මගේ දුවේ
කීකරු දියණියකි ය මම
මගේ මවුනි මා අද තෙක්
No comments:
Post a Comment